ශ්රී ලංකා මහ බැංකුව මහජනතාව වෙනුවෙන් කාසි නිකුත් කිරීමේ කවුළුවක් කොළඹ 01, ජනාධිපති මාවතේ, අංක 30 දරණ ශ්රී ලංකා මහ බැංකු මූලස්ථානයේ බිම් මහලේදී හෙට (27දා) සිට විවෘත කරනු ලැබේ.
රජයේ සහ බැංකු නිවාඩු දිනවල හැර සෑම සතියකම බදාදා සහ බ්රහස්පතින්දා දිනවලදී පමණක් පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා මෙම කවුළුව මහජනයාට ගනුදෙනු සඳහා විවෘත වනු ඇත.
එක් අයෙක් සඳහා එක් වරකට නිකුත් කරන අවම කාසි ප්රමාණය එක් මුහුණත වටිනාකමකින් කාසි 100ක පැකට් 1ක් වන අතර, රුපියල, රුපියල් 2, රුපියල් 5 සහ රුපියල් 10 යන ඕනෑම මුහුණත වටිනාකමකින් යුතු කාසි 100 බැගින් වන පැකට්, රු.20,000ක උපරිම වටිනාකමකට යටත්ව මෙම කවුළුවෙන් ලබාගත හැකිය.