මහජන බැංකුවේ සභාපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ මහතා පත්කර තිබේ.
ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපතිවරයෙකුද වෙයි.
ඔහු මීට පෙර ශ්‍රී ලංකා ගණකාධිකරණ හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබුණි.
එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සාමාජිකයෙකු ලෙසද අත්දැක්ම් සපිරි ඒ මහතා, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ වැටුප් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසද සේවය කර ඇත.
ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ සමාගම් රැසක අධ්‍යක්ෂවරයෙකු ලෙසද සුජීව රාජපක්ෂ මහතා කටයුතු කරයි.