කඩවත සිට මීරිගම දක්වා වන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි පළමු අදියර සඳහා කොන්ත්‍රාත් මුදලින් 85%ක් ආවරණය වන පරිදි ඇ.ඩො.මි. 989ක සහනදායී ණය මුදලක් ලබාදීමට චීන අපනයන ආනයන බැංකුව එකඟ වී තිබේ.
ශ්‍රී ලංකා රජය හා චීන රජය අතර මෙරට යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්රයෙහි මූල්‍යමය සහයෝගීතාව ශක්තිමත් කරමින් ලබාදෙනු ලබන මෙම ණය මුදල චීන අපනයන ආනයන බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා අනුමත කරනලද විශාලතම තනි ණය මුදල බවද සඳහන් වේ.
දේශීය වාණිජ බැංකුවල මූල්‍යමය දායකත්වයෙන් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීම දැනටමත් ආරම්භ කර ඇති බැවින්, චීන අපනයන ආනයන බැංකුව මගින් ලබාදෙනු ලබන මෙම ණය පහසුකම කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග ජාලයෙහි සම්බන්ධතාව තහවුරු කරමින්, කඩවත සිට මීරිගම දක්වා වන කොටස වේගවත්ව ක්‍රියාත්මක කිරීමට පහසුකම් සලසනු ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
ඒ අනුව, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග සහ චීන අපනයන ආනයන බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලයේ, මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චෙනග් ෂුයුආන් යන මහත්වරුන් විසින් පසුගිය 22දා, මුදල් අමාත්‍යාංශයේදී මෙම ණය ගිවිසුම අත්සන් තබන ලදී.