ජර්මානු කාර්මික තාක්ෂණික පුහුණු කිරීමේ ආයතනයක් මාතරදී ස්ථාපනය කිරීම සඳහා යූරෝ මිලියන 11ක ප්‍රදානයක් ලබාදීමට ජර්මානු රජය එකඟතාව පළ කර තිබේ.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යවරයාව සිටියදී 2015 වසරේදී ජර්මානු රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මේ සඳහා යුරෝ මිලියන 11ක් ප්රදානය කරන බව ජර්මානු රජය විසින් අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත.
2015 වසරේදී කරන ලද මෙවැනිම ඉල්ලීමකට අනුව කිලිනොච්චිය ප්‍රදේශයේද ජර්මානු පුහුණු කිරීමේ ආයතනයක් 2016 වසරේදී ඉදි කෙරිණි. දෙවැන්න මෙසේ මාතර ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙමගින් දකුණේ තරුණ තරුණියන්ට තාක්ෂණික ක්ෂේත්රයේ වෘත්තීය දැනුම ලබා ගැනීමට මහගු අවස්ථාවක් උදාවනු ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.