ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ UL504 දරණ ලන්ඩන් නුවර සිට කොළඹ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයේ අද (25දා) මගියෙකුගේ හදිසි වෛද්‍ය අවශ්‍යතාවයක් මත රුමේනියාවේ බුකරස්ට් (Bucharest) වෙත හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.
ගුවන් සේවය සමග පියාසර කරන සියලුම මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රතිපත්තිය වන බවත්, ඒ අනුව හදිසි වෛද්‍ය අවශ්‍යතාවක් මත ගුවන් කපිතාන්වරයා විසින් ගුවන් යානය ළඟම පිහිටි ගුවන් තොටුපොළ වූ බුකරස්ට්හෙන්රි කොඅන්ඩා ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගොඩබැස්වූ බවත් ඔවුහු පවසති.
ගුවන් යානය ගොඩබැස්සවීමෙන් පසුව ගුවන් තොටුපලේ වෛද්‍යවරු වහාම ගුවන් යානයට ගොඩවූ බවත්, වකුගඩු රෝගයෙන් පෙළෙන බවට සැකකරන ලද මගියා වෙත වෛද්‍ය ආධාර ලබාදී ඇති බවත් කියයි. එම ගුවන් මගියාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුටින් ප්‍රකාශ කරයි.