බලශක්ති ක්ෂේත්රය ආශ්රිත අවස්ථා - අභියෝග කවරේද?
ශ්‍රී ලංකාවේ විකාශනය වෙමින් පවතින බලශක්ති ක්ෂේත්රය ආශ්රිත අවස්ථා සහ අභියෝග පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින්, කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රවීණයන්, විද්වතුන් සහ සෙසු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් "ශ්‍රී ලංකාවේ බලශක්ති සංක්‍රාන්තිය : ගෝලීය වෙළෙඳපොළෙන් උපායමාර්ගික තීක්ෂණ බුද්ධිය" (Energy Transition in Sri Lanka : Strategic Insights from Global Markets) යන තේමාව යටතේ විශේෂ සාකච්ඡාවක් ලංකා වාණිජ මණ්ඩලය විසින් මෑතකදී සංවිධානය කරන ලදී.
ලොව පුරා රටවල් වඩාත් පිරිසිදු, ඔරොත්තු දෙන සහ තාක්ෂණය පදනම් කරගත් බලශක්ති පද්ධතීන් වෙත තම සංක්‍රාන්තිය වේගවත් කරමින් සිටින වටපිටාවක මෙම සංවාදය පවත්වා තිබේ. පුනර්ජනනීය බලශක්තිය යනු හුදෙක් පාරිසරික ප්‍රමුඛතාවක් පමණක් නොව, එය රටේ ආර්ථික වර්ධනයට සහ දිගුකාලීන තරඟකාරිත්වයට සෘජුවම බලපාන ජාතික බලශක්ති සුරක්ෂිතතාවේ උපායමාර්ගික කුලුණක් ලෙස හඳුනා ගැනීමට මෙමගින් කාලීන වේදිකාවක් නිර්මාණය විය. කෘත්‍රිම බුද්ධිය, විද්‍යුත් වාහන භාවිතය සහ දත්ත මධ්‍යස්ථාන වැනි නැගීඑන තාක්ෂණයන් ඇතුළු ඩිජිටල් පරිවර්තනයේ වර්ධනය වන ඉල්ලුම සපුරාලීම සඳහා විශ්වසනීය බලශක්ති යටිතල පහසුකම් සතු වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලංකාවේ බලශක්ති අනාගතයට අදාළ පුළුල් පරාසයක විහිදුණු මාතෘකා රැසක් මෙම වැඩසටහනට ඇතුළත් විය. ඒ අතර,
- පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සහ බලශක්ති සුරක්ෂිතතාව
- නියාමන සහ ප්‍රතිපත්තිමය රාමු මෙන්ම විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ
- බලශක්ති ගබඩා කිරීමේ පද්ධති සහ විදුලිබල පද්ධති නවීකරණය
- ආයෝජන සහ මූල්‍යකරණ අවශ්‍යතා මෙන්ම බලශක්ති සංක්‍රාන්තිය පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම්
ජාතික මට්ටමින් සූර්ය බලශක්ති භාවිතය සහ බලශක්ති ගබඩා කිරීමේ පද්ධති ව්‍යාප්ත වනවිට, පාරිභෝගිකයින් සහ ව්‍යාපාරිකයින් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වන තාක්ෂණික හා ආරක්ෂණ ප්රමිතීන් ඇතුළත්ව, නවෝත්පාදනයන්ට අනුබල දෙන සහ ආයෝජන ආකර්ෂණය කර ගන්නා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
තිරසාර, විශ්වසනීය සහ දැරිය හැකි මිලකට ලබාගත හැකි බලශක්තිය යනු රටේ තරඟකාරිත්වය, කාර්මික වර්ධනය සහ ජාතික ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමේ තීරණාත්මක සාධකයක් බව පිළිගනිමින්, බලශක්ති ප්‍රතිපත්තිය පුළුල් ආර්ථික සංවර්ධන අරමුණු සමඟ පෙළගැස්වීමේ වැදගත්කම මෙම සාකච්ඡාවේදී තවදුරටත් අවධාරණය කෙරිණි. එහිදී අදහස් දැක්වූ කථිකයන් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති සහ ගබඩා කිරීමේ ධාරිතාව ඉහළ නංවන විට, පද්ධතියේ විශ්වසනීයත්වය සහ ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා පැහැදිලිව නිර්වචනය කරන ලද තාක්ෂණික ප්රමිතීන් සහ රාමුවල පැවැත්ම අත්‍යවශ්‍ය වන බවයි. මීට අමතරව, බලශක්ති සංක්රාන්තියේ මීළඟ අදියර සඳහා නැගී එන තාක්ෂණයන්, තාක්ෂණික ප්රමිතීන්, කුසලතා සංවර්ධනය සහ කර්මාන්ත -ශාස්ත්‍රීය ක්ෂේත්‍ර අතර සහයෝගීතාවයේ භූමිකාව පිළිබඳවද ගවේෂණය කරන ලදී.
වඩාත් තිරසාර සහ සුරක්ෂිත බලශක්ති අනාගතයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයන් අඛණ්ඩව ඉදිරියට යන බැවින්, මෙවැනි සංසද පාර්ශවකරුවන් අතර අදහස් හුවමාරුවට, දැනුම බෙදා ගැනීමට සහ සහයෝගීතාවයට වැදගත් අවස්ථාවක් සපයයි. මෙම සංසදයේ සාකච්ඡා පදනම් කරගනිමින්, ලංකා වාණිජ මණ්ඩලය ඉදිරියටත් ක්ෂේත්රයේ සහ රජයේ පාර්ශවකරුවන් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ බලශක්ති සංක්‍රාන්තියට අතහිත දෙන තාක්ෂණික හා ආරක්ෂණ ප්රමිතීන් ඇතුළත් සාක්ෂි පදනම් කරගත් ප්‍රතිපත්ති නිර්දේශ සකස් කිරීමට කටයුතු කරනු ඇත. මෙවැනි මුලපිරීම් හරහා ජාතික වැදගත්කමකින් යුත් ගැටලු සම්බන්ධයෙන් සාදන්නාත්මක මැදිහත්වීම් සඳහා පහසුකම් සැලසීමටත්, රටේ දිගුකාලීන ආර්ථික ප්‍රගතියට දායක වන ප්‍රතිපත්ති සහ හවුල්කාරිත්වයන් දියුණු කිරීමටත් ලංකා වාණිජ මණ්ඩලය නිරන්තරයෙන් කැපවී සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
