කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා ඛනිජ වැලි සමාගම හෝ සමාගම සතු පුල්මුඩේ ඛනිජ වැලි නිධිය පුද්ගලික අංශයට පැවරීමට හෝ විකුණා දැමීමට කිසිදු ආකාරයක තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
එසේම, ලංකා ඛනිජ වැලි සමාගම විසින් පසුගිය වසරේදී ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 1ක් ඇ.ඩො.145.25කට අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම නීතියට අනුකූලව සිදුකළ බවත්, එම ගනුදෙනුව අදාල කටයුතු කැබිනට් මණ්ඩලය අනුමත ටෙන්ඩර් කමිටුවක් විසින් තීරණය කළ බවත් අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම, අදාළ අවස්ථාවේදී අන්තර් ජාතික වෙළෙඳ පොළෙහි ටයිටේනියම් ඩයොක්සයිඩ් ප්‍රතිශතය 47.7 වන ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 1ක් සඳහා ලබාගත හැකි හොඳම මිල ලබාගත් බවත්, අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමකින් පසුව ඉහළම මිල ගණන් ඉදිරිපත් කළ ඉන්දියානු ගැනුම්කරුවෙකුට එම ඉල්මනයිට් තොගය 2018 ජුනි 22 වැනි දින කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත විධිමත් ක්‍රියාපටිපාටියකට අනුව ලබාදුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.