ලයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් පදනම් විරහිත කොටස් ඉඟි / ආයෝජන උපදෙස් බවට වියහැකි අදහස් දැක්වීම් කෙටි පණිවුඩ සේවා (SMS), වෙබ් අඩවි සහ වට්ස්ඇප්, ෆේස්බුක්, ට්විටර් සහ යූ ටියුබ් ආදී සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබේ.
ලයිස්තුගත සමාගම්වලට අදාළ කොටස් සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමට නිර්දේශ කිරීම, අපේක්ෂිත මිල ගණන් සඳහන් කිරීම සහ ලයිස්තුගත සමාගම්වලට අදාළව නොමඟ යවන / වැරදි තොරතුරු සැපයීම සහ එවැනි කොටස්වල ගනුදෙනු කිරීමට පොළඹ වන ආකාරයෙන් මෙම පණිවුඩ ආයෝජකයන් සහ සාමාන්‍ය ජනතාව වෙත යොමුකර ඇති බවට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව දැනුවත් වී ඇත.
සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මෙවැනි කටයුතු පිළිබඳව ගැඹුරින් අවධානය යොමුකර ඇති අතර, එවැනි නොමඟ යවන ආකාරයේ තොරතුරු සංසරණය කිරීමට සැලැස්වීම ආයෝජකයින්ගේ සුභසිද්ධියට අහිතකර වනවා පමණක් නොව, සුරැකුම්පත් වෙළෙඳ පොළේ අවංකභාවයටද අහිතකර ලෙස බලපාන බවත්, මෙම සමහර පණිවිඩ ව්‍යාජ හා නොමඟ යවනසුළු වෙළෙඳ පොළක් ඇති කිරීමක් හා සමාන බවත් පවසයි.
ඒ අනුව, කෙටි පණිවුඩ, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන එවැනි පදනම් විරහිත කොටස් ඉඟි / ආයෝජන උපදෙස් මත විශ්වාසය නොතබන ලෙස සියලුම ආයෝජකයන්ට සහ සාමාන්‍ය ජනතාවට අනතුරු ඇඟවීමක් කරමින්, උපදෙස් දෙයි. එමෙන්ම සුරැකුම්පත් වෙළෙඳ පොළේ ගනුදෙනු කිරීමේදී නිසි අධ්‍යයනයකින් සිදුකර ලියාපදිංචි ආයෝජන උපදේශකයන්ගෙන් උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස සියලු ආයෝජකයන්ට තවදුරටත් දැනුම් දෙයි.