බංග්ලාදේශයේ ඩකා කොටස් හුවමාරුව (DSE) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) අතර සහයෝගීතාව නංවාලීම තුළින් දෙරටෙහි කොටස් වෙළෙඳ පොළවල් අතර සංවර්ධන අවස්ථා තවදුරටත් වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මෙම හුවමාරු දෙක අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම පසුගියදා සිදුවිය.
මෙම අවබෝධතා ගිවිසුම හරහා එම රටවල් සතුව පවතින සහයෝගීතාව, තොරතුරු සහ දැනුම් සම්භාරය හුවමාරු තුළින් බංග්ලාදේශය හා ශ්රී ලංකාව යන රටවල් අතර නව නිපැයුම් ප්රවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, ප්රාග්ධනය උත්පාදනය යනාදී පොදු අරමුණු සාර්ථකව මුදුන්පත් කර ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වේ.
ඩකා කොටස් හුවමාරුවෙහි කළමනාකාර අධ්යක්ෂ කේ.ඒ.එම්. මජේදුර් රහමන් මහතා පවසා සිටියේ, &ඩකා කොටස් හුවමාරු ලිමිටඩ් (DSE) සමාගම බංග්ලාදේශයේ ප්රමුඛතම කොටස් හුවමාරුවක් වන අතර, Nasdaq, FlexTrade සහ Trapets යන ආයතනවලින් නවීන පන්නයේ තාක්ෂණවලින් පරිපුර්ණ වූ දේශීය සහ විදේශීය ආයෝජකයන්ට සුදුසු වෙළෙඳ ගනුදෙනු භූමි පරිශ්රයකින්සමන්විත වෙනවා. මේ වනවිටත් ප්රධාන පෙළෙහි ගෝලීය ආයතන ගණනාවක් DSE ආයතනය සමග සම්බන්ධ වී ඊළඟ සංවර්ධනය ක්රියාවලියට කටයුතු කරනවා. පසුගිය වසරේදී චීනයේ ෂෙන්සෙන් කොටස් හුවමාරුව සහ ෂැංහායි කොටස් හුවමාරුව උපායමාර්ගික ආයෝජකයන් ලෙස අපත් සමග සම්බන්ධ වුණා. කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ඩකා කොටස් හුවමාරු ලිමිටඩ් (DSE) අතර පවත්නා අවබෝධතා ගිවිසුම හරහා අප කොටස් හුවමාරු අතර සබඳතාව තවදුරටත් තහවුරු කිරීමට හැකිවන නිසා දකුණු ආසියානු කලාපයේ පෙරමුණ ගෙන මෙහෙයවීමට හැකියාව ලැබෙනවා* යනුවෙනි.
මෙම ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවෙහි ප්රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක මහතා පවසා සිටියේ, "අප ඩකා කොටස් හුවමාරුව (DSE) සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීම මගින් අපගේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට හැකිවීම සතුටට කරුණක්. අප මෑත කාලයේදී දකුණු ආසියානු කලාපයේ කොටස් හුවමාරු ඇතුළුව ආසියාවේ අනිකුත් කොටස් හුවමාරු සමග පුළුල් සබඳතාවක් ගොඩනැගීමට කටයුතු කළා. රටවල් දෙකෙහි ප්රාග්ධන වෙළෙඳ පොළවල්වලට ප්රතිලාභ අත්පත්කර ගැනීම උදෙසා ඩකා කොටස් හුවමාරුව (DSE) සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා" යනුවෙනි.
මෙම අවස්ථාවට ඩකා කොටස් හුවමාරුවේ අධ්යක්ෂ මින්හාස් මැනන් ඉමොන් මහතා සහ කොළඹ කොටස් හුවමාරුවේ උපායමාර්ග ප්රධානී නිල්මා සමරසිංහ මහත්මියද සහභාගී වී තිබේ.
වර්ෂ 1954 දී ස්ථාපිත කර ඇති බංගලාදේශයේ ප්රධාන පෙළෙහි කොටස් හුවමාරුව වන ඩකා කොටස් හුවමාරුව 95෴කට අධික වෙළෙඳ පොළ පිරිවැටුමකින් සමන්විත වන බව කියයි. ආරම්භයේ සිටම ඩකා කොටස් හුවමාරු ලිමිටඩ් (DSE) රටේ කාර්මිකකරණය, යටිතල පහසුකම් සංවර්ධනයට සහ සමස්ත ආර්ථික වර්ධනයට දායක වී ඇත. මෙය වර්ෂ 1998 දී ස්වයංක්රීය ගනුදෙනු පද්ධතිය හඳුන්වා දී තිබේ. ගෝලීය වෙනස්වීම් හමුවේ ඩකා කොටස් හුවමාරු ලිමිටඩ් වර්ෂ 2013 දී අසාමූහීකරණය කරන කොටස් හුවමාරුවක් ලෙස පරිවර්තනය වී තිබේ.