මහා භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් පත්කර ඇති ජූඩ් නිලුක්ෂාන් මහතා අද (07දා) දින සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේ ය.
අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් සිටි ඒ මහතා මීට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුවේම සහකාර අධ්යක්ෂ ධුරයේ සහ අධ්යක්ෂ ධුරයේ කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයකු ලෙසද කලක් සේවය කළ ජූඩ් නිලුක්ෂාන් මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු වැනි ශ්‍රේණියේ නිලධාරියෙකි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබාගෙන ඇති ඒ මහතා, දකුණු කොරියාවේ ක්යොන්ග් හී විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.