ගොවි සහන ණය යෝජනා ක්‍රම මගින් ලක්ෂ 7500 දක්වා විවිධ මට්ටමේ ණය ලබාදෙනු ලබදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ගොවි සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ උත්සවයට එක් වෙමිනි. දඹුල්ල පිරිවෙන වැව භූමියේදී මෙම උත්සවය ඊයේ (28) දා පැවැත්විණි.
මෙම ණය යෝජනා ක්රමයේ පොලිය සාමාන්‍ය පොලී අනුපාතයෙන් අඩක් වන අතර, උපාධිධාරීන්ට ණය ලබා දෙනු ලබන්නේ පොලිය අය කිරීමකින් තොරවය.