රට පුරා ග්‍රාමීය පාලම් 200ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 50.67 ක් ණය හා ප්‍රදාන වශයෙන් ලබාදීමට නෙදර්ලන්ත රජය එකඟතාවය පළකර ඇත.
මෙම ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් නෙදර්ලන්තයේ කෝපරේටිව් රබෝ බැංකුව යූ.ඒ. සමග සාකච්ඡා පැවැත්වීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ නිර්දේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන මුදලින් 75% ක් පමණ වන යුරෝ මිලියන 42ක් සහනදායී මූල්‍ය ණය වශයෙන් රබෝ බැංකුවෙන් ලබාගැනීමට නියමිත අතර, ඉතිරි යුරෝ මිලියන 14 නෙදර්ලන්ත රජයේ සංවර්ධනය හා බැඳුණු යටිතල පහසුකම් කාර්ය ඒකකය මගින් ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිතය.