ඇතැම් රාජ්‍ය බැංකුවලින් ජනතාව දුරස්වීමට ප්‍රධානතම හේතුව වන්නේ ඒවායේ අකාර්යක්ෂමතාව බවත්, එම තත්ත්වයන්ගෙන් මිදීම සඳහා කඩිනමින් කටයුතු කළ යුතු බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්යද ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වැනි ග්‍රාමීය ජනතාව සමග සමීප රාජ්යේ බැංකුවල දුර්වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය උගුලේ ග්‍රාමීය ජනතාව සිර වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී එහි නිලධාරීන් සමග ඊයේ (02දා) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
බැංකුවේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳ මෙහි දී සොයා බැලූ අමාත්‍යවරයා පවතින ගැටලුවලට විසඳුම් යෝජනා ඇතුළත් වාර්තාවක් කඩිනමින් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය. ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ග්‍රාමීය ජනතාව මුදා ගැනීම සඳහා ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම ජනතාව දැනුම්වත් කිරීම සඳහා වැඩමුළු සංවිධානය කිරීම, දේශන පැවැත්වීම වැනි අවශ්‍යතා සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම යනු අනාගත ආයෝජන බවත් ඊට අවශ්‍ය පියවර ගැනීම සඳහා සහාය ලබාදීමට තමා සූදානම් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.