රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ කර්මාන්ත ක්ෂේත්රය බිඳ වැටීමකින් තොරව අඛණ්බව පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය බැවින් ඒ සදහා කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
කර්මාන්තකරුවන්ගේ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා සෘජු දුරකථන අංක තුනක් අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති අතර මේ සඳහා අධ්‍යක්ෂකවරු තිදෙනෙක් පත්කර ඇත. මෙමගින් කර්මාන්තකරුවන්ගේ ගැටලු ඔවුන් වෙත ඍජුවම යොමුකර ක්ෂණික විසඳුම් ලබාගැනීමේ හැකියාව කර්මාන්තකරුවන්ට ලැබී ඇත.
කර්මාන්තපුර තුළ පවත්වාගෙන යනු ලබන කර්මාන්ත පිළිබඳ ගැටලු අධ්යක්ෂ වින්දික පියරත්න මහතා (දුරකථන - 0713 976406), කර්මාන්තපුර තුළ පිහිටා නොමැති අනෙකුත් කර්මාන්ත පිළිබඳ ගැටලු අධ්යක්ෂ රසික විජේකෝන් මහතා (දුරකථනය - 0113 158114) හා ආනයන තීරුබදු පිළිබඳ ගැටලු අධ්‍යක්ෂිකා සිතාරා ජයසේන මහත්මිය (දුරකථන - 0770 820775) වෙත සෘජුවම යොමුකළ හැකි බව කර්මාන්ත අමාත්‍යාංශය දැනුම් දෙයි.