ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි දෙවැනි විශාලතම කොටස් හිමියා වූ මැලේසියාවේ Broga Hill Investments Ltd විසින් සිය සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය අද (09දා) විකුණා දමා ඇති අතර, එය කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම ගනුදෙනුව වෙයි.
මෙහිදී Broga Hill Investments Ltd සතුව පැවති කොටස් මිලියන 141.85ක් රු. 160.00 බැගින් ගනුදෙනු වී ඇති අතර, මෙහි සමස්ත වටිනාකම රු.බිලියන 22.69කි. වාර්තාවන අන්දමට මෙහි ගැණුම්කරුද විදෙස් අයෝජකයෙකි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ මීට පෙර 2008 වසරේ දී ශ්රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් ගනුදෙනුවක් හරහා රු.බිලියන 33ක පිරිවැටුමක් වාර්තා වී තිබුණි.
කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳ පොළ ප්රාග්ධනීකරණය අනුව විශාලතම සමාගම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ය.