ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා, රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වනවිට ලියාපදිංචි කර ඇති ණය මුදල් සංඛ්‍යාව 46,673ක් බවත්, මේ යටතේ රු.මිලියන 78,621.6ක් වටිනා ණය ලබාදී ඇති බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
එහිදී, වැඩිම ණය ප්‍රමාණයක් ලබා දී ඇත්තේ 'සොඳුරු පියස' නිවාස ණය යෝජනා ක්‍රමය යටතේය. එම ණය මුදල් සංඛ්‍යාව 20,286කි. එමෙන්ම, 'ගොවි ජනතාව' වෙනුවෙන් ක්‍රියාත්මක 'රන් අස්වැන්න' සහ 'ගොවි නවෝදා' ණය යෝජනා ක්‍රම වෙතද ඉහළ ඉල්ලුමක් ලැබී තිබේ. ඒ අනුව, 'රන් අස්වැන්න'ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදී ඇති ණය මුදල් සංඛ්‍යාව 17,484කි. 'ගොවි නවෝදා' ණය යෝජනා ක්‍රමය යටතේද ණය 3,337ක් ලබා දී ඇත.
නිවාස සිහිනය සැබෑ කිරීමේ අරමුණින් ක්‍රියාත්මක 'ජය ඉසුර' ණය යෝජනා ක්‍රමය යටතේ ණය 2,258ක් නිකුත් කර තිබේ. පරිසර හිතකාමී සූර්යය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක 'රිවි බල සවි' ණය යෝජනා ක්‍රමය යටතේද ණය 1,339ක් නිකුත් කර ඇත. නව මාධ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා සහ උපකරණ අලුත්වැඩියා කර ගැනීම සඳහා මාධ්‍යවේදීන් 661 දෙනෙකුට මේ දක්වා 'මාධ්යා අරුණ' ණය ලබා දී තිබේ.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය 2018 වසරේ ජූනි මස 21දා ආරම්භ විය. ඒ අනුව, උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සියලු ප්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා කවුළු විවෘත කිරීමට පියවර ගත් අතර, එම වසර අවසානය වනවිට ලබා දී තිබූ ණය මුදල් සංඛ්‍යාව 39,000ක් පමණ විය. මෙම ණයවල පොලිය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් රජය මගින් අදාළ බැංකු වෙත ගෙවීම සඳහා රු.මිලියන 5,250ක මුදලක් වැය කර තිබේ.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය වඩාත් පුළුල් කරමින් 2019 අයවැය මගින් නව ණය යෝජනා ක්‍රම රැසක් හඳුන්වා දී ඇත. මේ අතරින් විදේශ සේවයේ නියුක්තිකයන්ට නිවසක් සාදා ගැනීම සඳහා වන 'සිහින මාලිගා' ණය යෝජනා ක්‍රමය, නව විවාහක යුවල වෙනුවෙන් ක්‍රියාත්මක 'හෝම් ස්වීට් හෝම්' ණය යෝජනා ක්‍රමය සහ උසස් පෙළ විභාගය සමත් වූවන් වෙනුවෙන් උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා වන 'මගේ අනාගතය' ණය යෝජනා ක්‍රමය සුවිශේෂී වේ. මේ වසරේ ණයලාභීන්ගේ පොලී ගෙවීම සඳහා පමණක් අයවැය මගින් වෙන්කර ඇති මුදල රු.මිලියන 6,100කි.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය තව දුරටත් ජනතාව අතරට රැගෙන යාමේ අරමුණෙන් ක්‍රියාත්මක 'එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ඔබේ ගමට' ජංගම සේවය පසුගියදා වැලිගමින් ආරම්භ කෙරිණි. 7,000කට අධික නව ව්‍යවසායකත්ව අපේක්ෂා සහිත ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැති සමාරම්භක වැඩසටහනේදී පමණක් ණය ගැනීම සඳහා එහි ස්ථාපිත රාජ්‍ය බැංකු ශාඛාවෙතින් පුද්ගලයන් 1,327 දෙනෙකු ලියාපදිංචිය ලබාගෙන ඇත. ඒ අනුව, මෙම ජංගම සේවය දිවයන පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.