එක්සත් ජනපද වෙරළ ආරක්ෂක බලකාය විසින් පසුගිය පෙබරවාරි 11 සිට 15 දක්වා කොළඹ වරායේ නිලධාරීන් 25 දෙනෙකු සමග වරායේ ආරක්ෂක ධාරිතාව පුළුල් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබේ.
මේ තුළින් වරායේ ආරක්ෂක සැලසුම් සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීම වැඩිදියුණු කිරීමට පිටුවහලක් ලැබුණු බව සඳහන් වේ.
සමුද්‍රීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම, ත්‍රස්තවාදය හා අනෙකුත් තර්ජනයන්ට එරෙහිව වැඩි ආරක්ෂාවක් ලබාදීම මෙන්ම, ශ්‍රී ලංකාවේ සමෘද්ධිය උදෙසා අනෙනකුත් රටවල් සමග වෙළෙඳාම වැඩිදියුණු කරගැනීමට ශ්‍රී ලංකාවට සහාය වනු පිණිස මෙම වැඩසටහන පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.