ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය සහ ඉන්දීය තාක්ෂණික හා ආර්ථික සහයෝගීතා (ITEC) දිනය සැමරීම සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දියානු කවුන්සිලයේ (ICCR) ශිෂ්‍යත්වලාභී සිසු සිසුවියන් සහ ITEC ශිෂ්‍යත්වලාභීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹදී පවත්වා තිබේ.
කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයට මල්වතු, අස්ගිරි සහ ශ්‍රී අමරපුර නිකායන්හි අනුනායක හිමිවරුන්ගේ ගෞරවනීය සහභාගීත්වය සිදුව තිබූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී ඇත. එමෙන්ම, ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් සහ ICCR සහ ITEC ශිෂ්‍යත්වලාභීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.
සෑම වර්ෂයකදීම ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ පිළිගත් ආයතනවල උසස් පෙළ, උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීම සඳහා දිවයින පුරා සිටින දීප්තිමත් ශ්‍රී ලාංකේය සිසුන් 750කට පමණ ඉන්දියාව ශිෂ්‍යත්ව පිරිනමනු ලබයි. මීට අමතරව, ITEC වැඩසටහන යටතේ විවිධ ආයතනවල ශ්‍රී ලාංකේය නිලධාරීන් 400කට පමණ පුහුණු වැඩසටහන්ද ඉන්දියාව විසින් සපයන අතර, අන්‍යෝන්‍ය ඉගෙනුම් හා කුසලතා වර්ධනය කිරීම මෙම වැඩසටහන්හි මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.