ඇඟලුම් ක්ෂේත්රයේ සේවිකාවන් සම්බන්ධයෙන් සමාජයේ පැතිරී පවතින දුර්මත බිඳහෙළීමේ අරමුණින් 'මටයි මගේ රටයි' නමින් ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කෙරෙයි.
පසුගියදා කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ 36 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙය නිවේදනය කෙරිණි.
ඇඟලුම් ක්ෂේත්රය වෙත පැමිණෙන සේවිකාවන් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වීමට මෙම දුර්මත බෙහෙවින් බලපා ඇති බව පෙන්වා දෙන එම සංගමය, මෙරටට ඇ.ඩො. බිලියන 5ක විදේශ විනිමය රැගෙන එන, මෙරට වැඩිම අපනයන ආදායමක් උපයන ඇඟලුම් කර්මාන්තයේ පැවැත්මට මෙම සේවිකාවන්ගේ දායකත්වය අතිශයින් වැදගත් බව අවධාරණය කරයි.
මෙම පසුබිම යටතේ ක්‍රියාත්මක කර ඇති 'මටයි මගේ රටයි' ප්‍රවර්ධන වැඩසටහන මගින් ඇඟලුම් ක්ෂේත්රයේ සේවිකාවන් රට වෙනුවෙන් ඉටුකරන මෙහෙවර සමාජයට පෙන්වා දෙනු ලබන අතර, ඇඟලුම් ක්ෂේත්රය තුළ පවතින රැකියා අවස්ථා සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කිරීමටද කටයුතු කෙරෙනු ඇති බව එහිදී වැඩිදුරටත් සඳහන් විය.