නිදහස් වෙළෙඳාම හා ජාත්‍යන්තර තරගකාරිත්වය තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට ලබාගත හැකි ප්රතිලාභ වර්ධනය කරගැනීම සඳහා එම ක්ෂේත්රයට අදාළ පාර්ශ්වයන්ගේ පුළුල් සහභාගිත්වය ඇතිව සවිස්තරාත්මක වෙළෙඳ ගැලපුම් වැඩසටහනක් සකස් කර තිබේ.
ඒ අනුව, මෙම වැඩසටහන ඵලදායි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි කර්මාන්ත සඳහා වෙළෙඳ ගැලපුම් නිර්දේශ කිරීමට ස්වාධීන ආයතන ලෙස ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් හා වෙළෙඳ හා ඵලදායිතා කොමිසමක් ස්ථාපිත කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරු ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.