දළ නිල සංචිත ප්රමාණය 2018 නොවැම්බර් මාසය අවසන් වනවිට ඇ.ඩො.බිලියන 7.0ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
එය ආනයනික මාස 3.7කට සමාන වන අතර, දළ නිල සංචිත හා බැංකු අංශයේ විදේශීය වත්කම්වලින් සමන්විත මුළු විදේශීය වත්කම් ප්රමාණය 2018 නොවැම්බර් මස අවසානය වනවිට ඇ.ඩො.බිලියන 9.7ක් වන අතර, එය ආනයනික මාස 5.2කට සමාන බව මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.