ගෙවීගිය ඔක්තෝබර් 26 වැනිදා සිදු වූ දේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් වත්මන් රජය ජාත්‍යන්තර දර්ශකවල පහළට ගමන් කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් තමාගෙන් පෙරේරදා පාර්ලිමේන්තුවේ නැගූ ප්‍රශ්නයට තවදුරටත් පැහැදිලි කිරීමක් සිදුකරන බව පවසමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඊයේ (13දා) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"මම ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරන්නම්. ඔක්තෝබර් 26 වැනිදා සිදු වූ දේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් අපි ජාත්‍යන්තර දර්ශකවල පහළට ගමන් කළා. දින 51ක් තිස්සේ අගමැති පුටුවේ විතරක් නෙවෙයි, මගේ පුටුවෙත් වාඩි වෙලා හිටපු රාජපක්ෂ මහත්තයා නිසා රට ආපස්සට ගමන් කළා. බැඳුම්කර ලබාගැනීමේ පොලී අනුපාත 3%කින් වගේ ඉහළ ගියා.
නමුත් අපි බලයට ඇවිත් යළි රට සාමාන්‍ය මට්ටමට ගත්ත නිසා ඒ 3%ක් විතර අතිරේකව වැඩි වුණු පොලී අනුපාතය 1.5% වගේ මට්ටමට අඩු කර ගන්න අපට හැකි වුණා. ඒ 1.5%ක ඉහළ පොලී අනුපාතය නිසා රටට රු.බිලියන 6.4ක් විතර අහිමි වුණා. ඒ දවස්වල විමල් වීරවංශ මන්ත්‍රීතුමා ආර්ථික ඝාතකයන් ගැන කියනවා මට මතකයි. ඔවුන් තවමත් ආර්ථික ඝාතකයන් බව මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ඒ දින 51 දී ඔප්පු කළා." යැයි පවසා සිටියේය.