ශ්‍රී ලාංකේය යොවුන් පරපුරෙහි ඉහළ යන රැකියා අවශ්‍යතාවට පිළියම් යෙදීම සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඇමරිකානු එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පූර්ණ දායකත්වය සමගින් රජය, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, විද්වතුන් සහ වෘත්තීය අධ්‍යාපන ආයතන යන ක්ෂේත්රයන්හි සහයෝගීතාවයෙන් යොවුන් රැකියා නියුක්ති සහ නව ව්‍යාපාර ඇරඹීමේ (Youth Employability and Business Start-Up) ව්‍යාපෘතියක් පසුගියදා දියත් කර තිබේ.
සුළු හා මධ්‍ය පරිමාණයේ නව කර්මාන්ත ඇරඹීම සඳහා වන ජාතික ප්‍රතිපත්තිය තව තවත් ශක්තිමත් කිරීම සඳහා මෙම ප්‍රවේශය මහත් පිටිවහලක් වනු ඇති බවත්, ඇ.ඩො.මිලියන 12ක මූල්‍ය පදනමකින් ආරම්භ කෙරෙන මෙම වැඩපිළිවෙළ තුළින් තාරුණ්‍යයේ ඵලදායීත්වය ඉහළ නංවමින් වෙළෙඳ පොළට ගැළපෙන නිපුණතාවන්ගෙන් යුතු ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීම අරමුණු කෙරෙන බවත් මෙහිදී සඳහන් මෙම අවස්ථාවේදී සඳහන් විය.
YouLead! ව්‍යාපෘතිය වයස 16 - 35 අතර ශ්‍රී ලාංකේය යොවුන් පරපුර සවිබලගන්වමින් තරගකාරී රැකියා වෙළෙඳ පොළට යොමුකරවීම වෙනුවෙන් වර්ෂ හතරකට අධික කාලයක් පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශය සමග මනා සබඳතාවක් පවත්වා ගනිමින් කටයුතු කරනු ඇති බවත්, යොවුන් පරපුරේ ශක්‍යතාව, දැනුම සහ වෘත්තීය පුහුණුව ගොඩනගමින් ශ්‍රී ලාංකේය ආර්ථිකයෙහි ඉදිරි ගමන වෙනුවෙන් ශ්‍රම බලකායට ඵලදායී රැකියා බිහිකිරීම අරමුණු කෙරෙණු ඇති බවත් සඳහන් විය.
අද ශ්‍රී ලංකාවේ බහුතර කාන්තාවන් පිරිසක් රැකියා වියුක්තියෙන් සිටින අතර, කාන්තාවන්ගෙන් 35෴ක පිරිසක් ශ්‍රම බලකායට අයත් වෙති. YouLead! ව්‍යාපෘතිය මේ සඳහා පිළිතුරු සපයමින් කාන්තාවන් වැඩි වශයෙන් ශ්‍රම බලකායට සම්බන්ධ කරගැනීමට සහ ඉල්ලුමක් පවතින රැකියා අවස්ථා ඔවුන් වෙත නිර්මාණය කරදීමට කටයුතු කරනු ඇත. සබරගමුව, මධ්‍යම, දකුණ සහ උතුරු පළාත්වල පවතින අධික රැකියා වියුක්තිය සඳහා පිළියම් යෙදීමද YouLead! ව්‍යාපෘතියේ ප්‍රාදේශීය ඉලක්කයක් වී තිබේ.
පසුගිය ඔක්තෝබර් 19 වැනිදා කොළඹදී YouLead! ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් දියත් කෙරුණු අතර නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමෙරිකානු තානාපති අතුල් කේශප්, USAID නියෝජිතායතනයේ අධ්යක්ෂ ආචාර්ය ඇන්ඩෲ සිකේන්, ජාත්‍යන්තර විධායක සේවා බලකායේ (IESC) උප සභාපති සහ YouLead! ව්‍යාපෘතියෙහි මෙරට ව්යාපෘතකි අධ්යක්ෂ චාර්ල්ස් කොන්කෝනි, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා, ඇමෙරිකානු වාණිජ මණ්ඩලයේ සභාපති සභාපති කුමුදු ගුණසේකර යන මහත්වරුන් සහ ආයතනික ප්‍රමුඛයන්, යොවුන් නායකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
YouLead! ව්‍යාපෘතිය රටට කොතරම් වැඩදායී වන්නේ දැයි අදහස් දක්වමින් ඇමෙරිකානු තානාපති අතුල් කේශප් මහතා පවසා සිටියේ කාලීන වැදගත්කමකින් යුතු මෙම ව්‍යෘපෘතිය මගින් ශ්‍රී ලාංකේය ආර්ථිකයට සුවිසල් ප්රතිලාභ ලැබෙනු ඇති බවයි.