අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය (USAID) සහ සීමාසහිත බිල්ඩින් සොලුෂන්ස් (Building Solutions) ආයතනය ඒකබද්ධව පසුගිය 27 වැනිදා අම්පාර නවගම්පුර දී නූතන කර්මාන්ත ශාලාවක් විවෘත කළ බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ වැඩබලන ඇමෙරිකානු තානාපතිනී ඇලිසන් ඒරියස් මහත්මිය මෙම උත්සවයට සහභාගි වී තිබේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සමරවීර මහතා, “එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සබඳතාව පිළිබඳ නිදසුනක් ලෙස මේ කර්මාන්ත ශාලාව විවෘත කිරීම දැක්විය හැකියි. මින් ඉදිරියටත් සාකච්ඡාවලට සහ ඒකාබද්ධ වැඩසටහන්වලට සහභාගී වීමට අපි අපේක්ෂාවෙන් සිටිනවා* යැයි පැවසීය.
රැලි සහිත වානේ සෙවිලි තහඩු නිෂ්පාදනය කළ හැකි විශේෂිත නිර්මිත යන්ත්‍ර සහ එම ගබඩාවන්වලින් සමන්විත මෙම කර්මාන්ත ශාලාව තැනීමට USAID සහ Building Solutions ආයතන මගින් රු.මිලියන 80 ක් (ඇ.ඩො. 800,000ක්) ආයෝජනය කර තිබේ. USAID ආයතනය මගින් බලශක්ති කාර්යක්ෂමතාව ඇතුළුව විශේෂිත පුහුණුවීම් සහ ප්‍රවීණ දැනුමද මෙම කර්මාන්ත ශාලාවට ලබාදී ඇති අතර, මෙම හවුල තුළින් අම්පාර ප්‍ර‘දේශයේ නව රැකියා අවස්ථා සිය ගණනක් නිර්මාණය වී තිබේ.
“ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ ප්‍රගතිය සඳහා ඇමෙරිකානු රජයේ සහ ඇමෙරිකානු ජනයාගේ කැපවීම මේ කර්මාන්ත ශාලාව තුළින් පිළිබිඹු වෙනවා. මෙය කදිම සාර්ථක කතාවක්.* යැයි උත්සවයේ තම අදහස් දක්වමින් වැඩබලන ඇමෙරිකානු තානාපති ඒරියස් මහත්මිය පැවසුවාය.