ආසියා පැසිපික් තිරසාර සංවර්ධන හා මූල්‍ය සංවර්ධන පිළිබඳ එක්සත් ජාතින්ගේ ආසියා පැසිපික් සමාජ ආර්ථික කොමිසමේ, (UNESCAP) 70 වැනි සමුළුව හෙට (07දා), බැංකොක් නුවර, එක්සත් ජාතීන්ගේ සම්මන්ත්රණ මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතය.
ඒ අනුව, UNESCAP සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීම සඳහා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අද (06දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
මෙම සමුළුව අගොස්තු 7, 8 සහ 9 යන දිනයන්හි බැංකොක් නුවර එක්සත් ජාතින්ගේ සම්මන්ත්රණ මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර, එහිදී, ආචාර්ය අමුණුගම මහතා දේශනයක් පැවැත්වීමට නියමිතය.