TRC වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය වේ
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කර අන්තර්ජාලයට එක්කිරීම ජනාධිපති ලේකම්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ගනුදෙනුකරුවන්ට, සේවාදායකයන්ට, මහජන නියෝජිතයන්ට සහ අනෙකුත් ආගන්තුකයන්ට මෙම නව වෙබ් අඩවියට පහසුවෙන් පිවිසීමට හා එහි සේවා පහසුවෙන් ලබාගැනීමට හැකිවන පරිදි මෙම නව වෙබ් අඩවිය ආකර්ෂණීය ලෙස සකස් කර ඇත.
මෙහි සේවාවන් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම මෙන්ම ඒ ඔස්සේ තව දුරටත් වෙබ් අඩවිය සංවර්ධනය කිරීමට හැකි වන ලෙස මෙය සකස් කර තිබීම විශේෂත්වයක් බව කියයි. ප්‍රතිනිර්මාණය කරන ලද වෙබ් අඩවියට www.trc.gov.lk ඔස්සේ පිවිසීමේ හැකියාව පවතී.
මෙම වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග දීර්ඝකාලීනව සම්බන්ධතා පවත්වන ලද කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසල මගින් මෙම කර්තව්‍යය ද ඉතාමත් හොඳින් සිදුකරන ලද බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

