ලෝක ව්‍යාප්ත පෞද්ගලික ආයෝජන සමාගමක් වන TPG ග්ලෝබල් සමාගමේ ප්‍රධානීන් කිහිප දෙනෙකු හමුවෙමින් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සාකච්ඡා පැවැත්වීය.
එම සමාගමේ ආසියානු විධායක නිලධාරීන් වන ටීම් ඩැට්ල්ස්, ගවිරව් ට්‍රෙහාන්, TPG සමාගමේ ඉන්දියාවේ කළමනාකාර අධ්යක්ෂ පනිට් භාටියා ශ්‍රී ලංකාවේ යුනියන් බැංකුවේ සභාපති ඇලෙක්ස් ලොවෙල් යන පිරිස මෙම අවස්තාවට සහභාගි වූහ.
TPG ග්ලෝබල් සමාගම යුනියන් බැංකුවේ ඩොලර් මිලියන 117ක් ආයෝජනය කිරිම සඳහා අත්සන් තබා ඇති අතර, මෙම සමාගම 1992 දී අරඹා ඇති අතර එහි වර්තමාන වත්කම් ඇ.ඩො.බිලියන 59කි. TPG ග්ලෝබල් යනු ඇමරිකානු සමාගමකි.