තායිලන්තය සමග ව්‍යාපාරික අවස්ථා ඇතිකර ගැනීමට සහ ඒ පිළිබඳ දැනුම්වත් වීමට අවකාශය සලසන Thailand Week වෙළෙඳ ප්‍රදර්ශනය අද (09දා) සිට 11දා දක්වා කොළඹදී පැවැත්වේ.
ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රවර්ධනය සඳහා වන තායිලන්ත දෙපාර්තමේන්තුවේ විදේශීය ශාඛාවක් වන චෙන්නායි තායි වෙළෙඳ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය සඳහා කොළඹ රාජකීය තායිලන්ත තානාපති කාර්යාලය සිය සහයෝගය ලබාදෙයි.
තායිලන්ත ව්‍යවසායකයන්ගේ විශිෂ්ට ප්‍රමිතිගත නිෂ්පාදන මිලදී ගැනීමට මෙන්ම, තායි ආහාර රස විඳීමට පමණක් නොව, තායිලන්ත සංස්කෘතික සංදර්ශන නැරඹීමටද මෙවර වෙළෙඳ ප්‍රදර්ශනයේදී අවස්ථාව ඇති බව සංවිධායකයෝ පවසති.