ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් එළඹෙන මැයි මස ප්‍රථම වරට පැවැත්වීමට නියමිත Smidex 2014 සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ප්‍රදර්ශනය සහ අලෙවි සල්පිල පිළිබඳ සියලු තොරතුරු අඩංගුවන Smidex.lk වෙබ් අඩවිය පසුගියදා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ සුරතින් දියත් විය.
මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති නවාස් රාජබිඩීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් අනුර සිරිවර්ධන, සාම්ප්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ ලේකම් වී. ශිවඥානසෝති සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් ප්‍රියන්ත රත්නමලල යන මහත්වරු එක්වී සිටියහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ