සත් වැනි වරට පැවැත්වෙන සාර්ක්ස්ටැට් (SAARCSTAT) සමුළුව ලබන 23 සහ 24 දෙදින තුළ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිත බව ජන හා සංඛ්‍යා ලේඛන අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා සඳහන් කරයි.
මෙම සමුළුවේ සමාරම්භක සැසිය ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කත්සිරි ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 23 වැනි දා පෙරවරුවේ පැවැත්වේ.
කලාපයේ දරුවන්ගේ අධ්‍යාපන විෂමතා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම පිණිස මෙවර සමුළුව ‘අධ්‍යාපන සංඛ්‍යාති‘ යන තේමාව මුල් කරගනිමින් පැවැත්වේ.
එය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවේ නිල සංඛ්‍යාලේඛන එක්රැස් කරන ආයතනය වන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබයි. මෙම සමුළු මෙහිදී සත්කාරක රට වන ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා මෙම සමුළුවේ සභාපතීත්වයට නිල වශයෙන් පත් වේ.
මේ සඳහා දකුණු ආසියානු කලාපයට අයත් වන ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, අෆ්ගනිස්ථානය, නේපාලය, මාලදිවයින, සහ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව යන රටවල සංඛ්‍යා ලේඛන ප්‍රධානීන් සම නියෝජිතයින්, නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටි සාර්ක් මහලේකම් කාර්යාලයේ නියෝජිතයින්ද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සාර්ක් අංශයේ නියෝජිතයන් සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පරිහරණය කරන දේශීය සහ ජාත්‍යන්තර ආයතන රැසක නියෝජිතයින් ද සහභාගිවීමට නියමිතය.
සංඛ්‍යාලේඛන කටයුතු සම්බන්ධයෙන් කාලාපීය සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් දකුණු ආසියානු කලාපයේ රටවල්වල සංඛ්‍යාලේඛ එක් රැස් කරන නිල සංඛ්‍යාලේඛන ආයතනයන්හි සර්ක්ස්ටැට් (SAARCSTAT) ප්‍රධානින්ගේ හමුව 2005 වසරේ ඉන්දියාවේ කල්කට නුවරදී මුල්වර පවත්විණි.