Profood Propack & Agbiz 2015 ආහාර සැකසුම්කරණ හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය අද (09දා) සාර්ථකව නිමාවට පත්විය.
14 වැනි වරටත් සංවිධානය වූ ප්‍රදර්ශනය 07 වැනිදා ආරම්භ වූ අතර, ප්‍රදර්ශනය නැරඹීම සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ හා ප්‍රදර්ශන පරිශ්‍රයට විශාල පිරිසක් පැමිණ සිටියහ.
ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු 07 වැනිදා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා එම අස්ථාවට සහභාගි විය.
'ගොවිපොළේ සිට මුළුතැන්ගෙට' ( From the Farm to the Kitchen) තේමාව යටතේ ආහාර සැකසුම්කරණය, ඇසුරුම්කරණය හා රසවත් ආහාර පිළියෙළ කිරීමේ විවිධ ශිල්පීය ක්‍රම හඳුන්වා දෙන දැවැන්ත ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ලෙස ප්‍රකට මේ ප්‍රදර්ශනය සඳහා දේශීය විදේශීය ආහාර නිෂ්පාදකයන්, සකස්කරන්නන් හා ආයතන රැසක් ද ඉන්දියාව, චීනය, මැලේසියාව, ඩුබායි හා පකිස්තානය යන රටවල්වල නිෂ්පාදන ද හඳුන්වා දෙනු ලැබීය.
මේ ප්‍රදර්ශනය ශ්‍රී ලංකා ආහාර සකස් කරන්නන්ගේ සංගමය හා ශ්‍රී ලංකා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබයි.