MCC වෙතින් මෙරට සංවර්ධන ව්‍යාපෘති වැඩි දියුණුවට රු.බි.1.1ක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ආයතනය ශ්‍රී ලංකාවේ සංයුක්ත සංවර්ධන ව්‍යාපෘතීන් වැඩිදියුණු කිරීම සඳහා රු.බිලියන 1.1ක් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ඒ අනුව, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හි දූත පිරිසක් පසුගිය 27දා කොළඹ සංචාරයක නිතර වූයේ ඒ දරිද්‍රතාවය අවම කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට නව ආර්ථික අවස්ථා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සමග එක්වී ක්‍රියාත්මක කරනු ලබන පස් අවුරුදු අරමුදල් සැපයීමේ වැඩසටහනක් හේතුවෙන් බවද තානාපති කාර්යාලය පවසයි.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්හි යුරෝපා, ආසියා පැසිෆික් සහ ලතින් ඇමෙරිකානු කලාපයේ රටවල් සඳහා වූ නියෝජ්‍ය උප සභාපති ෆාතිමා එස්. සුමාර් මහත්මිය මෙහි නායකත්වය දැරූ අතර, ඔවුහු මෙම සංචාරයේදී මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය තවදුරටත් ඉහළ නැංවිය හැකි අයුරු විමසීමට ලක්කර තිබේ.
ශ්‍රී ලංකා සංයුක්ත සංවර්ධන කණ්ඩායම මෙමගින් ප්රතිලාභ ලබාගත හැකි පිරිස්, සිවිල් සංවිධාන, පෞද්ගලික අංශය අරමුදල් සපයන වෙනත් ආයතන සහ රජයේ අදාළ ආයතනද ඇතුළත්ව විවිධවූ ක්ෂේත්‍ර‘යන්හි පාර්ශ්වකරුවන් සමගින් උපදේශනාත්මක සාකච්ඡා පවත්වමින් මෙම ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ලබාගනිමින් සිටින බවද තානාපති කාර්යාලය පවසයි.
2016 දෙසැම්බර් මාසයේදී අධ්‍යක්ෂක මණ්ඩලය මගින් සංයුක්ත සංවර්ධන ව්‍යපෘති සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති අතර, MCC හි ප්‍රතිපත්ති ලකුණු පුවරුවේ දර්ශක 20න් 13කට ලකුණු ලබාගැනීමෙන් පසුව MCC සහාය ලබාගැනීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගෙන තිබේ. මෙම සංයුක්ත සංවර්ධන ව්‍යාපෘතීන් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා MCC අධ්යක්ෂ මණ්ඩලය විසින් දෙසැම්බර් මාසයේදී සිදුකරනු ලබන ඇගයීමේදී ශ්‍රී ලංකාව නැවත වතාවක් ඔවුන් විසින් තෝරාගැනීමට ලක්විය යුතු බවද සඳහන් වේ.
මේ සඳහා වූ ගිවිසුමට අත්සන් කිරීම නියෝජ්‍ය උප සභාපති ෆාතිමා එස්. සුමාර් මහත්මිය සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා විසින් සිදුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

