රාජ්‍ය ආයතන එකම පරිගණක ගත ජාලයකට සම්බන්ධ කෙරෙන ලංකා රාජ්‍ය ජාල (LGN) ව්‍යාපෘතියේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ.
මේ යටතේ මුලික වශයෙන් තවත් රාජ්‍ය ආයතන 860ක් සම්බන්ධ කිරීම ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
මෙම ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීම ලබන 07දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රාණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් සභා ලේකම් කාර්යාල, කලාප අධ්‍යාපන කාර්යාල සහ පළාත් පාලන ආයතන මෙම ව්‍යාපෘතිය යටතේ ජාල ගත කෙරෙන රාජ්‍ය ආයතනවලට අයත් වන බව නියෝජිතායතනය පවසයි.
අන්තර්ජාල පහසුකම් ලබාදීම, මෙගා බයිට් 100 දක්වා ධාරිතාවයෙන් යුතු පුළුල් පරාස දත්ත සම්බන්ධතාවයක් ලබාදීම, ආයතන පරිශ්රෙය ආවරනය වන පරිදි රැහැන් රහිත පරිගණක ජාලයක් ස්ථාපනය කිරිම, රාජ්‍ය ආයතනයක් සතු දත්ත තවත් රාජ්‍ය ආයතනක් සමග විශ්වාසදායී සහ සුරක්ෂිත ලෙස හුවමාරු කර ගැනීමට හැකිවීම, එමෙන්ම මෙම රාජ්‍ය ආයතනවලට පැමිණෙන මහජනතාවට නොමිලේ අන්තර්ජාල පහසුකම් සැලසීම ආදී පහසුකම් රැසක් මෙමගින් රාජ්‍ය ආයතන වෙත හිමිවන බවද නියෝජිතායතනය පවසයි.
එමෙන්ම, මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ලංකා රාජ්‍ය මේඝය හෙවත් ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් වෙත ප්‍රවේශ වී ආරක්ෂාකාරී සහ විශ්වාසදායී ලෙස රාජ්‍ය ආයතනවල දත්ත ගබඩා කිරීමේ පහසුකම් සැළසීම සහ ඉ-මේල් ලිපි ගොනු කළමනාකරණ පද්ධති ඉ-රාජ්‍ය සේවාවන් ලබාදීමට, පරිශීලනය කිරීමට හැකිවීමයි. තවද, දිවයිනේ ඕනෑම ස්ථානයක සිට වයිෆයි තාක්ෂණය ඔස්සේ ලංකා රාජ්‍ය ජාලය සමග සම්බන්ධවීමේ පහසුකම්ද මේ යටතේ හිමිවන බව නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.
ඩිජිටල් ශ්‍රී ලංකාවක් දැක්ම යථාර්ථයක් කර ගැනීමට පෙර මග සුදානම් කර ගැනීමේදී මෙරට රාජ්‍ය අංශය මේ අයුරින් සවිබල ගන්වා තිබීම අතිශයින් වැදගත් බවත්, අවසන් වශයෙන් මෙමගින් මහජනතාවට කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබා ගැනීමට හැකිවන බවත් නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අජිත් මදුරප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.