තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය (IT-BPO) ආශ්‍රිතව තිබෙන වෘත්තීමය අවස්ථා පිළිබඳව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මෙම මස 26 සහ 27 යන දිනයන්හි මඩකලපුව මහජන විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ අංශය ඒකාබද්ධව මෙය සංවිධානය කර තිබේ.
තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය පිළිබඳව නිපුනතාවකින් හෙබි වෘත්තීයවේදීන් පිරිසක් විසින් මෙහිදී විශේෂ දේශන පවත්වන අතර, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෘත්තීය මාර්ගෝපදේශන ලබාදීමද සිදුකරන බව නියෝජිතායතනය පවසයි.
නැගෙනහිර පළාතේ පාසල් 60කට අයත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1,800ක් පමණ මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතව තිබේ.
මීට සමගාමීව මෙම මස 20දා මේ සඳහා සහභාගී වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අයත් පාසල්වල විදුහල්පතිවරුන්ට සහ තොරතුරු තාක්ෂණ විෂයය උගන්වන ගුරුමහත්ම මහත්මීන්ටද තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ ක්ෂේත්රයේ වැදගත්කම පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්ද පැවැත්වෙන අතර, මෙමගින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මීට තිබෙන උනන්දුව අඛණ්ඩව වර්ධනය කිරීමට රුකුලක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
මේ වනවිට ගාල්ල, මාතර, කුරුණෑගල, නුවර, අනුරාධපුරය, බදුල්ල, යාපනය ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක 11ක පමණ මෙම වැඩසටහන පවත්වා අවසන් කර තිබෙන බවත්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පනස්දහසක් පමණ පිරිසකට මෙම දැනුම්වත් කිරීම සිදුකර තිබෙන බවත් නියෝජිතායතනය පවසයි.
ස්ලැස්කොම් (SLASSCOM) සහ ෆිටිස් (FITIS) යන ආයතනවල සහායද මේ සඳහා ලැබී තිබෙන බව නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.