දේශීය කර්මාන්තවල ඵලදායීතාවය ඉහළ නැංවීම, බලශක්ති කාර්යක්ෂමතාව හා ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය ආරම්භ කර තිබේ.
2017 ජනවාරි 01 දිනට වාර්ෂික පිරිවැටුම රු. මිලියන 750 ට අඩු සහ සේවක සංඛ්‍යාව 300 ට අඩු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ISO 9001, ISO 14001, ISO 22000, ISO 50001 ජාත්‍යන්තර සහතිකලබා ගැනීම සඳහා මෙහිදී අනුග්‍රහය ලබා දීමට සැලැසුම් කර ඇති බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.
ඒ අනුව, තෝරාගත් කර්මාන්ත සඳහා උපරිමය රු. 200,000/- ක් දක්වා සහතිකපත් ගාස්තු ගෙවීම් කරන අතර අදාළ සහතිකපත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියමිත ගාස්තු ප්‍රතිපූර්ණය කරනු ලබන බව එම මණ්ඩලය පවසයි. රජයේ පිළිගත් ආයතනයකින් උපදේශන සේවා ලබාගන්නේ නම් උපදේශන සේවා ගාස්තු උපරිමය රු.100,000/- දක්වා ප්‍රතිපූර්ණය කිරීමේ පදනම මත ගෙවීම් කරනු ලබන බවත්, සහතිකපත් ක්‍රියාවලිය සිදුවන කාලය තුළ අඛණ්ඩ උපදේශන සේවා සැපයීමද සිදුකරනු ලබන බවත් එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
මේ පිළිබඳව වැඩි විස්තර සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය දුරකතන අංක 0112422319, 0112432750 ඇමතීමෙන් හෝ www.industy.gov.lk මගින් ලබාගත හැකිය.