ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධ යෝජනා ඉදිරිපත් කළද, ඊට ඇහුම්කන් දීම මිස එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවක් නොමැති බව හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසා සිටියේය.
කරුණානායක මහතා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට රජය තීරණ ගතහොත්, එයින් රටේ අනවශ්‍ය දේශපාලන ගැටලු ඇතිකිරීමට ඉඩ ඇති බවයි.
ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියේ ඊයේ (04දා) පෙරවරුවේ, කොළඹ තොටළඟ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළින් අපට ලැබෙන්න තියෙන දේ ලැබිල තියෙන්නෙ. දැන් ඔවුන්ගේ කාලය ඉකුත් වෙලා. මේ අවස්ථාවේදී IMF එකෙන් අවශ්‍ය දේ අපි කරගෙන තියෙන නිසා, ඒ අය කියන දේවල් කරන්න අවශ්‍ය නැහැ. සමහර අවස්ථාවලදී රජයත් ජනවත් අතර ගැටලු ඇති කරන්නෙත් IMF තමයි. ඔවුන් අනවශ්‍ය යෝජනා ගෙනවිත්, ජනතාව කෙරෙහි රජ්යද්රෝහි ලෙස කටයුතු කරන බවට වෛරක් නිර්මාණය කරනවා. මම හිතන්නෙ IMF එක අපේ රට තුළ සිය කාර්යය අවසන් නිසා ඒ අයට දැන් යන්න පුළුවන්.
අපට අවශ්‍ය ඔය සුද්දන්ගෙ න්‍යාය පත්රවලට වැඩකරන එක නෙමෙයි. රටට අවශ්‍ය විදිහට හිතන්න පුළුවන්, ජනතාවට පිළිගන්න පුළුවන් ආකාරයෙන් කටයුතු කරන්නයි අවශ්‍ය වෙන්නේ. IMF එක යෝජනා කළ එකක් තමයි, නිවාස අලෙවි කරන අවස්ථාවේ 15% VAT බද්දක් පනවපු එක. මේක අනවශ්‍ය බද්දක්. මෙයින් කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ. තවත් කර්මාන්තයක් බිඳ වැටෙන එක විතරයි වෙන්නෙ. මම මුදල් ඇමැති කාලයේ, වසර දෙකකට පසුව VAT බද්ද 9% දක්වා අඩු කරන්න පොරොන්දු වුණා. දැන් ඒක ක්‍රියාත්මක කරන්න කාලය ඇවිත් තියෙන්නෙ. මොකද මම එහෙම පොරොන්දුවක් දුන්නේ කිසියම් අරමුණකින් කටයුතු කළ නිසයි." යනුවෙන් පවසා සිටියේය.