තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රය පිළිබදව සිදුකරන ලද නවතම සමීක්ෂණයකට අනුව, එම ක්ෂේත්රයේ නිරත පිරිස 50%කින් පමණ වර්ධනය වී ඇති බව පැවසෙයි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියොජිතායතනය (ICTA) විසින් සිදුකරන ලද මෙම සමීක්ෂණයට අනුව එම ක්ෂේත්රයේ නිරත පිරිස 75,107ක් බවත්, 2010 වසරේදී එම ගණන 50,159ක් බවත් කියවෙයි.
මෙම සමීක්ෂණ වාර්තාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ මහතා විසින් විදුලි සන්දේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත පිළිගැන්වීම නියෝජිතායතනයේදී පසුගියදා සිදුවිය.