මුදල් මණ්ඩලයේ උපදෙස් මත 2015 සහ 2016 වසරවලදී රජයේ සුරැකුම්පත් වෙළෙඳ පොළේ සේවක අර්ථසාධක අරමුදල විසින් සිදුකරන ලද ගනුදෙනු සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
සේවක අර්ථ සාධක අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෑත කාලයේ පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ අදහස් දක්වමින් මහ බැංකුව මෙම නිවේදනය සිදුකර තිබේ.
මෙවැනි පරීක්ෂණයකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ද සිදුකළ කටයුතුද පරීක්ෂාවට ලක්වන හෙයින්, 2015 හා 2016 වසරවලදී රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම් හා ඒ හා සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් බාහිර ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන මෙන් නීති ක්‍රියාත්මක කරන බලධාරීන් වෙතින්ද ඉල්ලා ඇති බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
සේවක අර්ථසාධක අරමුදලේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම එහි ආයෝජන සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පසුගිය මාස 06ක කාලසීමාව තුළ මුදල් මණ්ඩලය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත්, මෙකී ක්‍රියාමාර්ග මගින් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ අයිතිවාසිකම් තවදුරටත් තහවුරු වනු ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.