ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය (Economic Diplomacy) ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ගොඩනැගීමට සූදානම් වන අන්තර්ජාල ආර්ථික දැනුම් සහ තොරතුරු සංචිතය (Economic Knowledge Platform) 2016 වසරේ මුල් කාර්තුව අවසානයේදී එළිදැක්වීමට හැකිවනු ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ, ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය (Economic Diplomacy) ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ගොඩනගා තිබෙන අන්තර් ආයතන කාර්ය සාධක බලකායේ (Inter Agency Task Force on Promotion of Economic Diplomacy) දෙවැනි රැස්වීම පසුගිය 14 වැනිදා විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, වාණිජ මණ්ඩල, අපනයන සංවර්ධන මණ්ඩලය, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, සංචාරක ක්ෂේත්රයට අදාළ රජයේ ආයතන, තේ සංවර්ධන මණ්ඩලය ඇතුළු ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් උපකාර වන ආයතනවල නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවති අතර, මෙහිදී ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය (Economic Diplomacy) ප්‍රවර්ධනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
යෝජනා කර තිබෙන මෙම අන්තර්ජාල ආර්ථික දැනුම් සහ තොරතුරු සංචිතය (Economic Knowledge Platform) මගින් විදේශයන්හි තිබෙන මෙරට තානාපති කාර්යාලවලට ශ්‍රී ලංකාවේ ඉතාමත් කාලීන ආර්ථික සහ සමාජ දත්ත ඇතුළු වැදගත් ආයෝජන තොරතුරු ලබාදීමට සැලසුම් කර ඇත. මෙම තොරතුරු සංචිතය මගින් වැදගත් තොරතුරු ලබාදීමේදී ඒවා වීඩියෝ මගින්ද ඉදිරිපත් කිරීම වැදගත් යැයි මෙහිදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.