ශ්රී ලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර කරන්නන්ගේ වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස් (FlySmiles) එයිට්කන්ස්පෙන්ස් (Aitken Spence) සමග ඒකාබද්ධ වී පාරිභෝගිකයන්ට විශේෂ අවස්ථා රැසක් උදාකරදීමට කටයුතු යොදා ඇති බව පවසයි.
ඒ අනුව, ශ්රී ලංකන් ගුවන් සමාගම සමග ගුවන් සංචාරයේ යෙදෙමින් ලබාගන්නා මයිල්ස් (Miles) සුන්දර නිවාඩු නිකේතනයකදී විශේෂිත මෙන්ම පහසුදායී වට්ටමක් ලෙස භාවිත කිරීමේ අවස්ථාව ඔබට උදාවනු ඇති බව පෙන්වා දෙයි.
එහිදී, ෆ්ලයිස්මයිල්ස් හා සම්බන්ධ වී සිටින පාරිභෝගිකයන්ට එයිට්කන්ස්පෙන්ස් හෝටල් සමූහයට අයත් හෙරිටන්ස් අහුන්ගල්ල, හෙරිටන්ස් කන්ඩලම, හෙරිටන්ස් ටී ෆැක්ට්රි සහ හෙරිටන්ස් ආයුරුවේද මහගෙදර යන නිඛේතනවල එක් රැයක් ගත කිරීමෙන් මයිල්ස් 200ක් හිමිකර ගැනීමේ අවස්ථාව සැලසෙයි. තවද අර්ල්ස් රීජන්සි, ද සෑන්ඩ්ස්, හොටෙල් හිල්ටොප් සහ බණ්ඩාරවෙල හොටෙල් හීදී ගත කරන රාත්රියකදී මයිල්ස් 100 ක් හිමිකර ගැනීමට සඳහා ද අවස්ථාව උදා වනු ඇත.