සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අනුබද්ධ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ කර්මාන්ත හිමියන් සඳහා කළමනාකරණ පුහුණු වැඩසටහන් නොමිලේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පැවසෙයි.
මෙහිදී සුළු පරිමාණ කර්මාන්ත හිමියන් සඳහා අලෙවිකරණය, ගිණුම් තබාගැනීම, ව්‍යාපාරය සැලසුම්කරණය, මිලදී ගැනීම, තොග පාලනය පිරිවැය ගණනය පිළිබඳ දැනීමක් ලබා දෙනු ලැබේ.
මෙම වැඩසටහන නවීන වැඩිහිටි අධ්‍යපන ක්‍රමවේදයන්ගෙන් සමන්විත දේශන, ව්‍යාපාරික වීඩියෝ දර්ශන ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා ව්‍යාපාරික ක්‍රීඩාවලින් සමන්විත වන බවත්, වැඩසටහනින් පසුව අන්තර්ජාතිකව පිළිගත් සහතිකයක් ලබාදෙන බවත් පැවසෙයි.
මෙම වැඩසටහන් සඳහා තෝරගනු ලබන්නේ දැනට කොළඹ දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ කර්මාන්තයක් පවත්වාගෙන යන අය පමණක් බවත්, වැඩි විස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, දෙවැනි මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයට ලිපියක් මගින් ලබාගත හැකිය.