පසුගිය රජය සමයේදී මාසිකව රජයට සුරාබදු ලෙස හිමි විය යුතුව තිබූ රු.මිලියන 5,000ක බදු ආදායමක් අතුරුදන්ව ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය 2015 මාර්තු මාසය තුළ ඉතිහාසයෙන් වැඩිම බදු ආදායම ලබා ගැනීමට සමත්ව ඇති බව අනාවරණය කරමිනි.
අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි එය රුපියල් මිලියන 9460 ඉක්මවා ඇති අතර, 2015 වසරේ දී ආණ්ඩුව බලයට පැමිණෙන විට සුරාබදු ආදායම රුපියල් මිලියන 5420ක් බවත්, 2015 වසරේ පෙබරවාරි මාසය නව විට එය රුපියල් මිලියන 7695ක් දක්වා ඉහළ ගිය බවත් පවසයි. කෙසේ වෙතත් මාර්තු මාසය වන විට මිලියන 9490දක්වා පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 54%කින් එම ආදායම ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.