ශ්‍රී ලංකවේ පළමු වරට lean luxury හෝටල් අත්දැකීම ලබාදෙමින් සිනමන් හොටෙල් ඇන්ඩ් රිසෝට් සමූහයට එක්වූ නවතම හෝටලය සිනමන් රෙඩ් නමින් අද (01දා) විවෘත විය.
රු.බිලියන 3.5ක ආයෝජනයකින් ඉදි වූ සිනමන් රෙඩ් හෝටලය විවෘත කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම විවෘත කිරීම සනිටුහන් කරමින් ජෝන් කීලිස් සමූශ ව්‍යාපාරයේ උඵ සභාපති අජිත් ගුණවර්ධන මහතා විසින් සිනමන් රෙඩ් සිමාන්යාධිකාරී ටෙරන්ස් ප්‍රනාන්දු මහතා වෙත එහි ධජය සංකේතාත්මකව පිරිනමන ලදී.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති සුසන්ත රත්නායක ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ උපසභාපති අජිත් ගුණවර්ධන, සැන්සිටි හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පෞද්ගලික සමාගමේ සභාපති මහේන් වීරසේකර සහ සිනමන් රෙඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරී ටෙරන්ස් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.