Tizen මගින් බල ගැන්වුණු ප්‍රථම ස්මාට් ජංගම දුරකථනය වන සැම්සුන්ග් Z1 මෙරට වෙළෙඳ පොළට හඳුන්වාදෙන බව සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් අද (27දා) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත්කරන ලදී.
සැහැල්ලු Tizen ආකාරයට නිර්මාණය කර ඇති සැම්සුන්ග් Z1 වැඩිවේගයකින් ක්‍රියාකාරී වන අතර, ක්ෂණිකව මෘදුකාංග වෙත ප්‍රවේශ වන බව පවසයි. එසේම ඉහළ නංවන ලද වෙබ් ක්‍රියාකාරීත්වය සමගින් භාවිත කරන්නාට අවම දත්ත පරිහරණයක් තුළින් වැඩි වේගයකින් වෙබ් පිටු වෙත පිවිසිය හැකි බවද පෙන්වා දෙයි. සැම්සුන්ග් Z1 වැඩි බැටරි ආයු කාලයකින් සමන්විත වන අතර, අඩු බැටරි තත්ත්වයකදී වුවද භාවිත කරන්නාට අඛණ්ඩව සම්බන්ධතාව පවත්වා ගත හැකි 'Ultra Power Saving Mode' විශේෂාංගයද මෙහි අන්තර්ගත වෙයි.
රු.10,990/- ක වටිනාකමින් යුතු සැම්සුන්ග් Z1 ස්මාර්ට් ජංගම දුරකථනය ජූනි 1 වැනිදා සිට සුදු, කළු සහ වයින් රතු පැහැයෙන් ලබාගත හැකි බව එම සමාගම වැඩිදුරටත් පැවසීය.