ඒවිඒෂන් වොයිස් විසින් සංවිධානය කරන ලද %ස්කයි ෆියෙස්ටා 2015’ වැඩසටහන රාජකීය විද්‍යාලයීය ගුවන් පියාසර සංගමයේ සහයෝගයෙන් පසුගිය පෙබරවාරි 28 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සාර්ථක ලෙස පැවැත්විණි.
වැඩසටහනේ විශේෂ අංග ලෙස පැරා මෝටරින් ඉසව්, දුරස්ථ පාලක ගුවන් යානා සංදර්ශන/තරග, වැඩමුළු, ගුවන් සේවා ක්ෂේත්රයට සම්බන්ධ ක්‍රීඩා කලාප (Game Zones), ගුවන් සේවා විලාසිතා දැක්මක්, දැනුම මිනුම තරග ආදී ඉසව් රැසක්ද පවත්වා තිබුණි.
%ස්කයි ෆියෙස්ටා 2015^ හා සමගාමීව පවත්වන ලද හොඳම පාසල් ගුවන් සේවා සමාජය තේරීමේ තරගයේ පිරිමි අංශයෙන් කොළඹ නාලන්දා විද්‍යාලයත්, කාන්තා අංශයෙන් කොළඹ මියුසියස් විද්‍යාලයත් තේරී පත්වීමද කැපී පෙනුණි.