සහල් උපරිම මිල තීරණයට පාරිභෝගික සභාව රැස්වේ?
සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට තව දින කිහිපයක් ගතවනු ඇති බවත්, සහල් උපරිම මිල සම්බන්ධව පාරිභෝගික සභාව හෙට (08දා) රැස්වී තීන්දුවක් ගත් පසුව එහි නිර්දේශ මත ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බවත් වාර්තා වෙයි.
ඊයේ (06දා) මධ්‍යම රාත්‍රියේ සිට සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළත්, එම පාලන මිල දැක්වෙන ගැසට් නිවේදනය මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත යොමුකර නොමැති අද (07දා) වාර්තා විය.
මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව ඊයේ (06දා) මධ්‍යම රාත්‍රියේ සිට නාඩු සහල් කිලෝග්රෑමයකට සඳහා රු.70/- ක උපරිම මිලක් නියම කළ අතර, සම්බා සහල් කිලෝග්‍රෑමයක් සඳහා රු.80/- ක උපරිම මිලක් නියම කළේය.
ඊයේ (06දා) උදෑසන මුදල් අමාත්‍යාංශයේදී රැස්වූ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටු සාකච්ඡාවේදී අදාළ පාලන මිල නියම කළ බවත්, මෙම මිලට වඩා වැඩියෙන් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර තිබුණි.
කෙසේ වෙතත්, එසේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නම් අදාළ පාලන මිල ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ යුතු වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

