සහකාර රේගු අධිකාරීවරුන් 68 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මුදල් අමාත්‍යාංශයේදී පසුගිය 24දා පැවති මෙම උත්සවයට අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරුන් වන චන්ද්‍රා ඒකනායක, ඒ.ආර්. දේශප්‍රිය, රේගු අධ්යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් යන මහත්ම මහත්මීන් සහ පත්වීම්ලාභීන්ගේ දෙමවුපියන් ඇතුළු පිරිසක් එක්වූහ.
10,000කට අධික පිරිසක් පෙනී සිටි තරග විභාගය සමත් 287දෙනෙකු අතුරින් සම්මුඛ පරීක්ෂණයකින් මෙම 68 දෙනා තෝරාගත් බවත්, මෙම තෝරා ගැනීම් සඳහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවූවා සේම, සුදුස්සට සුදුසුතැන ලබාදීමේ ප්‍රතිපත්තිය පමණක් ක්‍රියාත්මක වූ බවත් මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.