රටට සහ ජනතාවට විශාල මෙහෙරවක් සිදුකරන සමූපකාර ව්‍යාපාරය නඟාසිටුවීම සඳහා සමූපකාර පනත සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.
අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ පසුගිය 30 දා කුලියාපිටිය වීරගම පොල් ත්‍රිකෝණයේ කිරි නිපදවන්නන්ගේ විවිධ සේවා සමූපකාරයේ පැවැති උත්සවයකදී අදහස් දක්වමිනි.
සමූපාකර දෙපාර්තමේන්තුව මගින් කිරි ගොවීන් සඳහා රුපියල් ලක්ෂ 35ක මුදලක් වැයකර ශීතකරණ 50ක් ලබාදීම සඳහා මෙම උත්සවය සංවිධානය කර ඇති අතර, මෙම අවස්ථාවට වයඹ පළාත් සභාවේ මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළෙඳ අමාත්‍ය ගුණදාස දෙහිගම අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.