ජාතික ශිල්ප සභාව යටතේ ශිල්පීය පුහුණුව ලබන ආධුනිකයින් වෙනුවෙන් මෙතෙක් ගෙවන ලද රු.500/- ක මාසික ගමන් වියදම් දීමනාව රු.1000/- දක්වා ඉහළ දැමීමට ජාතික ශිල්ප සභාවේ යෝජනාවක් පරිදි සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව, 2015 වසරේ සිට එම පුහුණුව ලබන ආධුනිකයින් වෙනුවෙන් රු.1000/- ක ගමන් වියදම් දීමනාවක් ඔවුන් වෙත ලැබෙනු ඇති බව ජාතික ශිල්ප සභාව පවසයි.