සාම්ප්‍රදායික වටිනාකමකින් යුත් හස්ත කර්මාන්ත රැකගැනීමේ අරමුණින් සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ අනුග්‍රහය ඇතිව ජාතික ශිල්ප සභාව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශිල්ප උදාන ජාතික හස්ත කර්මාන්ත 2014 උලෙළ අද (31දා) සාර්ථකව අවසන් විය.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණු ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ (30දා) පස්වරුවේ එක් විය. එහිදී, ප්‍රදර්ශනයේ සිටි චිත්‍ර නිර්මාණ ශිල්පීන් විසින් ජනාධිපතිවරයා චිත්‍රයට නැගීමද සිදුකරන ලදී.
සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.